Mail not send  Dambadiva Vandnana in Sri Lanka, Dambadiva Pilgrimage Tour, Dabadiva Charika, Dambadiva vandana, Buddhist Pilgrimage tours
Holidays in Sri Lanka - Sri Lanka Holiday Packages - Travel Agents in Sri Lanka - Tour Operators in Sri Lanka - Hotels in Sri Lanka - Travel Sri Lanka with World Travel Center - Inbound Tour Operators in Sri Lanka - Outbound Tour Operators in Sri Lanka - Sri Lanka Holidays and Hotels - Beach Hotels in Sri Lanka - Domestic Holiday in Sri Lanka - Corporate Tours and Holidays in Sri Lanka

Hot Line +94 112 847353
Customer care +94 779 735108

Dambadiva Vandana in Sri Lanka, Buddhist pilgrimage Tours 13 Days 12 Nights Packages, Buddhist pilgrimage Tours/ Dambadiva Vandana 13 Days 12 Nights Packages

බෞද්ධයකු විසින් තම ජිවිත කාලය තුල පුදාගත යුතු ස්ථාන හතරක් පිළිබදව බුද්ධ දේශනාවේ සදහන් වේ. එනම් බෝසත් උපත සිදුවු ලුම්බිණිය - බුද්ධගයාව - බරණැස ඉසිපතනය - කුසිනාරාවයි. එම අසිරිමත් සිද්ධස්ථාන සියැසින් දැක වැදපුදා ගැනීම සදහා ඉතා ඉහළ මට්ටමේ සුඛෝපභෝගි වන්දනා ගමනක් සදහා ලංකා ටුවර්ස් -දඹදිව වන්දනා අයතනය හා එක්වන්න.

01. Buddhist pilgrimage Tours 13 Days 12 Nights - Delhi to Delhi Itinerary


1 දිනය # කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවේ නව දිල්ලි අග නගරය බලා ගුවන් මගින් යාම. දහවල් 12ට පමණ දිවා ආහාරය ගැනීම නව දිල්ලි සිට අග්‍රා නගරය බලා පිටත්වීම. සවස හෝටලයට ඇතුලුවීම හා මුදල් මාරු කිරීම හෝටලයේ නවාතැන් ගැනීම. (පැමිණීමේ වේලාව අනුව ටජ් මහල් නැරඹීම මෙදින සිදු විය හැක)
2 දිනය # උදෑසන ආහාරයෙන් පසුව ආග්‍රා නගරයේ පිහිටි ලෝක පුදුම හතෙන් එකක් වන ටජ් මහල නැරඹීම හා සාප්පු සවාරි ඉන් පසු බරණැස නගරය බලා පිටත්ව යෑම සහ හෝටලයේ නවාතැන් ගැනීම. (මෙම දිනය අධිකදුරක් යෑමට ඇති නිසා ටජ්මහල් නැරඹීම පෙරදිනයේදී සිදු විය හැක)
3 දිනය # උදෑසන ආහාරයෙන් පසුව සම්මුඛ චෛත්‍ය වන්දනා කිරීම හා ඉසිපතනය මිගදාය සම්පූර්නයෙන් වන්දනා කිරීම. සවස නව මූලගන්ද කුටි විහාරයේ දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව සජ්ජායනාවට සවන් දීම. ඉන්පසු හෝටලයේ රාත්‍රී ආහාරය හා නවාතැන් ගැනීම.
4 දිනය # හිමිදිරි පාන්දර බුද්ධගයාව බලා පිටත්වීම. බුද්ධගයාවේ හෝටලයට පැමිණීමෙන් පසුව දුර්ගේෂවරී කදුවැටිය බෝසතානන් වහන්සේ දුෂ්කරක්‍රියා කල ස්ථානය හා සුජාතා ගම නැරඹීමට පිටත්වීම. ඉන්පසුව සාප්පු සාවාරි හා රාත්‍රී හෝටලයේ නවාතැන් ගැනීම.
5 දිනය # හිමිදිරි පාන්දර බුද්ධගයා මහා විහාරයට කිරිපිඩු පූජාව හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අටසිල් සමාදන් වීම. ඉන් පසු සත්සති වන්දනාව හා දහවල් සාංගික දානය පිරිනැමීම. සවස ශ්‍රී මහා බෝධිය අසල භාවනා කිරීම හා පිරිත් දේශනා කිරීම හා සිල් අවසන් කිරීම. රාත්‍රී හෝටලයේ නවාතැන් ගැනීම.
6 දිනය # හිමිදිරි පාන්දර කුසිනාරනුවර බලා පිටත්වීම. අතරමගදී විශාලා මහනුවර කූඨාගාර ශාලාව හා ලිච්චවී ධාතු චෛත්‍යය වන්දනා කිරීම. සවස කුසිනාරානුවර හෝටලයේ නවාතැන් ගැනීම. (පැමිණීමේ වේලාව අනුව කුසිනාරානුවර පිරිනිවන් මංචකය වන්දනාව සිදු විය හැක)
7 දිනය # උදෑසන ආහාරයෙන් පසුව කුසිනාරානුවර පිරිනිවන් මංචකය වන්දනාව සිදු කිරීම. අවසන් වරට පැං වැලදූ ස්ථානය හා ආදාහන සිදුවූ ස්ථානය වන්දනා කිරීම. කුසිනාරනුවර සිට නේපාලය බලා පිටත්වීම. නේපාලයේ ලුම්බිණ සල් උයන වන්දනා කිරීම හා රාත්‍රී හෝටලයේ නවාතැන් ගැනීම.
8 දිනය # උදෑසන ආහාරයෙන් පසුව නේපාලයේ සිට සැවැත්නුවර බලා පිටත්වීම. අතරමගදී කපිලවස්තුපුර නිග්‍රෝධාරාමය වන්දනා කිරීම. ඉන්පසු සවස සැවැත්නුවර ලංකාරාම විහාරස්ථානයේ ධාතුවන්දනාව සිදු කිරීම. රාත්‍රී හෝටලයේ නවාතැන් ගැනීම.
9 දිනය # හිමිදිරි පාන්දර සැවැත්නුවර ජේතවනාරාමට කිරිපිඩු පූජා කිරීම හා සිල් සමාදන් වීම. ජේතවනාරාමය ඇතුලු සියලුම ස්ථාන වන්දනා කිරීම හා සුදත්ත සිටුවරයාගේ සිටු මැදුර නැරඹීම. රාත්‍රී හෝටලයේ නවාතැන් ගැනීම.
10 දිනය # හිමිදිරි පාන්දර සැවැත්නුවර ජේතවනාරාමට කිරිපිඩු පූජා කිරීම හා සිල් සමාදන් වීම. ජේතවනාරාමය ඇතුලු සියලුම ස්ථාන වන්දනා කිරීම හා සුදත්ත සිටුවරයාගේ සිටු මැදුර නැරඹීම. රාත්‍රී හෝටලයේ නවාතැන් ගැනීම.